ඔබේ මුහුණේ කුරුලෑ ද මෙන්න එකට හොදම සහ ඔයාට කරන්න වෙන අන්තිම ප්‍රතිකාරය

කුරුලෑ කියන්නේ අපේ මුහුණට ඇතිවන ප්‍රධානම ගැටලුවක් .මේ නිසා අපේ මුහුණු වල කැළැල්  ඇති වෙනවා . මේ කුරුලෑ ඇති වීමට හේතු කිහිපයක් ලෙස අප අවට පරිසරෙයේ ඇති දුවිලි වැනි ද අපේ මුහුණේ ඇති රෝම කූප වල තැන්පත්වීම ද ,  සමහර අයගේ සමේ පවතින අධික තෙල් ගතියද දැක්විය හැකිය . මම අද ඔයාලට කියල දෙන්නේ  මෙයට ඉතාම සුදුසු පිලියමක් ගැනයි .
 

                     අවශ්‍ය ද්‍රව්‍ය

  •  කෝමාරිකා  කැබැල්ලක්   
  • දෙහි  යුෂ  ස්වල්පයක්

        සාදාගන්නා අකාරය             

  • මුලින්ම කෝමාරිකා මදය හැන්දක්  ගෙන සූරා ගන්න .
  • මෙහිදී    කෝමාරිකා  පොත්තේ ඇති කොළ පැහැ සිවිය සිරිඑමෙන් ඔබේ මුහුණේ  කැසීමක් ඇතිවීමට හැකිය .   
  • එම නිසා මදය සුර ගැනීමේදී එම සිවිය එයට එක් නොවන ලෙස වග බලා ගත යුතුය .
  • ඉන් පසු සුර ගත් කෝමාරිකා වලට දෙහි යුෂ එක් කර ගන්න.
  • ඉන් පසු එය හොදින් මිශ්‍ර කර ගන්න.      
         ඉන්පසු  මෙම මිශ්‍රනය  මුහුණේ හොදින් අලේප කර ගන්න .මෙය සතියට තුන් වරක් පමණ අලේප කරන්න.ඉවිට ඔබේ මුහුණට ඇති වන වෙනස ඔබට බල ගන්න පුළුවන්.

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්