අතීතයේ ලලනාවන්ගේ කෙස් කලඔ ඉතාමත් අලංකාර බව අපිට විවිධ කාව්‍ය සංග්‍රහ වලින් ද දැනගන්නට පුළුවන් . නමුත් වර්තමානය වන වන විට ඒ වැනි කේශ කල්‍යාණයක් පවා දැක ගැනීම දුලබය .වර්තමානයේ කාන්තාවක් ට කෙස් සම්බන්ධ ව ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස කෙස් සිහින් වී කැඩී යාම දැක්විය හැකිය .මේ ප්‍රතිකර්මය බාවිතයෙන් පිරිපුන් කෙස් කලඔක හිමිකාරියක් වීමට ඔබටද හැකිය .
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර ගෙඩියක්
- දෙහි ගෙඩියක්
- අලිගැට පේර ගෙඩි 1ක්
- යෝගට් මේස හැදී 3ක්
සාදාගන්නා ආකාරය
- මුලින්ම අලිගැට පේර ගෙඩිය ගෙන එහි මදය සුරා ගන්න
- ඉන් පසු බිත්තර ගෙඩිය කඩා ගෙන බදුනකට දමා ගන්න
- එයට දෙහි යුෂ මිශ්‍ර කර ගන්න
- ඉන්පසු බිත්තර සහ දෙහි මිශ්‍රණයට යෝගට් දමා හොදින් මිශ්‍ර කර ගන්න
- ඉන් පසු මෙයට අලිගැට පේර මදයද මිශ්‍ර කරගන්න
ඉන්පසු මෙම ආලේපනය කෙස් වල සහ හිස් කබලේ හොදින් ආලේප කර ගන්න .ඉන්පසු පොලිතින් උරයක් ගෙන හිස ආවරණය කර ගන්න.මෙම ආලේපනය පැයක් පමණ තබන්න . ඉන් පසු සෝදා හරින්න .
Comments
Post a Comment