අද වන විට වෙළෙදපොලේ විවිධ තොල් ආලේපන වර්ග දැක ගැනීමට තිබේ .මෙම තොල් ආලේපන නිතරම බාවිතා කිරීම නිසා අපේ තොල් වල තිබෙන පැහැය ක්‍රමයෙන් අව පැහැයට හැරීම සිදු වේ .මේ ආලේපන වල විවිධ රසායනික සංයෝග නිසා මෙය සිදුවේ .අපේ තොල් මේ ආලේපන ගා අව පැහැය ට හැරුණු විට අපට මෙම කෘතීම ආලේපන සැමවිට බාවිතා කිරීමට සිදුවේ .එවිට එය අපේ තොල් වලට හානියක් මෙන්ම යම් කිසි වියදමක්ද අපිට දැරීමට සිදුවේ.මම අද ඔයාලට එයට හොදම විසදුමක් කියලා දෙන්නම්.
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙළුම් ඇට මේස හැදී 3ක්
- ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැදී 2ක්
- සිහිනව කපාගත් බීට් රූට් මේස හැදී 1ක්
සාදාගන්නා ආකාරය
- දෙළුම් ඇට බ්ලෙන්ඩර් ගන්න
- බීට්රූට් ද හොදින් බ්ලෙන්ඩර් කර ගන්න
- මෙම දෙක හොදින් මිශ්‍ර කර ගන්න
- එයට ෆ්‍රෙෂ් ක්‍රීම් ද එක් කරගන්න
මෙම මිශ්‍රණය තොල් වල ආලේප කරගන්න .විනාඩි30 ක් පමණ ගා තබන්න .ඉන් පසු වතුර බාවිතයෙන් සෝදා හරින්න .
Comments
Post a Comment