මෙන්න රන්වන් පැහැති සමක් ලබාගැනීමට ආලේපනයක්

රන්වන් පැහැති සමක් කියන්නේ ඉතාමත් අලංකාර සමක් .මම අද කියල දෙන්න යන්නේ අපට නිවසේදීම සමට හිතකරව  අපේ සමේ පැහැය රන්වන් පාට ට හරවගන්න ආකාරය පිළිබදයි .නමුත් වර්තමානය වන විට විවිධ නයිට් ක්‍රීම් වර්ග මගින්ද මෙය ඉතා පහසුවෙන් වෙන බව ඔබ දනී .නමුත් මෙම ක්‍රීම් වර්ග වල විවිධ රසායනික ද්‍රව්‍ය නිසා පසුකාලීනව අපේ සමේ විවිධ අසාධන තත්ව ඇති වීමට ද ඉඩ තිබේ.මේ ලිපිය කියවා මෙහි ඇති ආලේපන වර්ග ආලේපනය මගින් රන්වන් පැහැති සම තවතදුරටත් ඔබට සිහිනයක් නොවනු ඇත .

              අවශ්‍ය ද්‍රව්‍ය
  • වට්ටක්කා පොතු 
  • එළකිරි / දියර කිරි


             සාදාගන්නා ආකාරය
  • වට්ටක්කා පොතු සිහිනව කපා බ්ලෙන්ඩර් කර ගන්න
  •  ඉන් පසු එයට එලකිරිද දමන්න
  •  ඉන් පසු මෙම මිශ්‍රණය හොදින් මිශ්‍ර කරගන්න
ඉන්  පසු මෙම ආලේපනය මුහුණේ හා ගෙලේ  ආලේපනය කරගන්න .ඉන්පසු විනාඩි 30 ක් පමණ ගා තබා සෝදා හරින්න .මෙම ප්‍රතිකාරය  සතියකට දෙවතාවක් පමණ සිදු කර වෙනස වටහාගන්න .

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්