ඔබේ මුහුණ අධික හිරු රැස් නිසා අව පැහැ ගැන්විලද මෙන්න එයට ප්‍රතිකාරයක්

අධික හිරු රැස් නිසා සමේ පැහැය අව පැහැ  වීම   බහුලව දැක ගැනීමට හැකිය .මේ නිසා මුහුණට අවලස්සනක් ඇති කරයි .මෙහිදී  සමේ තැන් තැන් වල පිළිස්සුම් කැළැල් ද ඇති විය හැකිය .එම නිසා මම අද ඔයාලගේ අව්වට පිච්චුනු සමට නිවැරදි මෙන්ම ප්‍රතිපලදායි අලේපනයක්  ගැන කියල දෙන්න හිතුවා.මෙම  ආලේපනය මගින් ඔබේ අව්වට  අවපැහැ වුනු මුහුණ යලි  යථා තත්වයට  ගෙන එනවා වගේම ඔබේ සම ට නව ජිවයක්ද ලබා දීම සිදු කරයි.

            අවශ්‍ය ද්‍රව්‍ය
  • කොහොබ කොළ 
  • කඩල පිටි මේස හැදී 2ක්
  • සුදු හදුන් කුඩු මේස හැදී 2ක්
  • මි කිරි මේස හැදී 2ක් 
  • කෝමාරිකා යුෂ 
            සාදාගන්නා ආකාරය
  • කොහොබ කොළ අබරා ගන්න 
  • මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගන්න 
ඉන් පසු මුහුණ ස්ටීම් කර ගන්න .ඉන්පසු  සාදාගත්  ආලේපනය මුහුණේ සහ ගෙලේ ගා ගන්න  .ඉන් පසු විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න .මෙම ප්‍රතිකාරය සතියට  දෙවතාවක් පමණ සිදු කරන්න .එවිට ඔබේ මුහුණේ වෙනස ඔබටම වටහා ගත හැකිය

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්