Posts

Showing posts from 2017

එක රැයකින් කුරුලෑ වලට තිත

Image
වියලි සමක් සඳහා භාවිතා කළ හැකි face pack එකක්.

Do you want to get beauty with naturaly at home

Image

තක්කාලි වලින් මුහුණ පැහැපත් කරන අලෙපනයක් එකක් ගෙදරදීම හදමුද ?

Image
තක්කාලි අපි බොහෝ  වේලාවට එළවළුවක් විදියට භාවිතා කරනවා ඒ වගේම තමා තක්කාලි වල සමේ පැහැය වැඩි දියුණු කිරීමේ හැකියාවක් ද තියනවා . තක්කාලි මගින් සම ඉතා හොදින් පිරිසිදු වෙනවා . ඒ නිසා කුරුලෑ සහ දිලිර අසාත්මිකතා වලින් සම ආරක්ෂා කරනවා . අවශ්‍ය ද්‍රව්‍ය :- හොදින් ඉදුණු තක්කාලි ගෙඩියක් සදුන් කුඩු දෙහි ස්වල්පයක් පලමුව තක්කාලි ගෙඩිය හොදින් මිරිකා යුෂ ලබා ගන්න ඕනේ . ඊට පස්සේ සදුන් කුඩු සමග මිශ්‍ර කර තලපයක් සද ගන්න ඕනේ. ඉන් පසු දෙහි යුෂ ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙල පුරා හොදින් අලේප කරන්න . සතියකට  2 තවක් නොකඩවා මාසයක් පමණ අලේප කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් ලබා ගත හැක.

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

Image
කුරුලෑ කියන්නේ අපි කටත් ගොඩක් ලොකු කරදරයක් කියලා කියන්න පුලුවන්.මොකද ඔයාගේ මුනේ තියන ලස්සන එකම එක කුරුලෑවකට හරිම ලේසියෙන් නැති කරන්න පුළුවන්. ඒ විතරක් ද වේදනාව. ගොඩක් වෙලාවට කුරුලෑ අසාත්මිකතා ඇති වෙන්නේ සමේ තියන අදික තෙල් ගැතියන් නිසා . අපේ සමේ අපිට නොපෙනෙන කුඩා සිදුරු තියනවා. මේ සිදුරු වලට තෙල් ගියාම ඒ වට දුවිලි එකතු වෙලා තාමා කුරුලෑ  ඇති වෙන්නේ. ඉතින් අපේ පිරිසිදු කම කුරුලෑ පාලනයට ගොඩක් වැදගත් වෙනවා. කුරුලෑ සුව උනත් අපිට බොහෝ විට කැළැල් දකින්න පුළුවන්. මන් අද කියල දෙන්න යන්නේ ඒ කැළැල් කොහොමද 100% ම ඉවත් කර ගන්නේ කියලා.    අවශ්‍ය ද්‍රව්‍ය:-      1.  කෝමාරිකා      2.දෙහි කෝමාරිකා වල තියනවා තුවාල සුව කිරීමේ ගුණයක්. ඒ වගේම දෙහි කියන්නේ විෂබීජ නාශකයක්. මුලින්ම අපි කෝමාරිකා කැබැල්ලක් අරන් එක හොදින් පිරිසිදු කර ගන්න ඕන . පසුව සුදු පාට මදය හොදින් හුරා ඉවත් කර ගන්න ඕන . කිසිම විටක කොලා පාට කොටස එකක්ක මිශ්‍ර වෙන්න දෙන්න හොදක් නැ . එහෙම උනොත් මුණ කසන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත මදයට දෙහි ...

How to reduce acne mark sinhala tutorial

Image

මෙන්න මුං ඇට මගින් ස්ක්‍රබ් එකක් හදාගන්න ආකාරය

Image
ස්ක්‍රබ් එකක් කියන්නේ අපේ සමේ ඇති ලප කැළැල් ඉවත්  ක‍ර මුහුණ පැහැපත් කරගන්න අලේපනයකටයි.නමුත් අපිට නිවසේදීම සුළු වියදමකින් ස්ක්‍රබ් එකක් කර ගන්න පුලුවන්නම් එක කොච්චර පහසුවක්ද .එහෙනම් මම අද කියලා දෙන්නම් මෙය පිලියල කරගන්න ආකාරය හා එය බාවිතා කරන ආකාරය ගැනයි .              අවශ්‍ය ද්‍රව්‍ය මුං ඇට  යෝගට් 1ක්             සාදාගන්නා ආකාරය මුලින්ම  මුං ඇටහොදින් බ්ලෙන්ඩර් කර ගන්න  ඉන් පසු එයට යෝගට් අවශ්‍ය ප්‍රමාණය ට එකතු කර ගන්න  ඉන් පසු මෙම ආලේපනය මුහුණේ හා ගෙලේ ගා විනාඩි 10ක් පමණ තබන්න . ඉන් පසු මුහුණ කවාකාරව උඩු අතට පිරිමදින්න මෙය විනාඩි 15ක් පමණ සිදුකරන්න ඉන් පසු අයිස් වතුර යොදා මුහුණ සෝදා හරින්න ඉන් පසු ඔබේ මුහුණේ ඇති වන වෙනස් ඔබටම බල ගත හැකිය

මෙන්න සම රැලි වැටීම වැළැක්වීමට සත්කාරයක්

Image
කාන්තාවන්ගේ වයස අවුරුදු 35ක් පමණ ඉක්මවා ගිය විට සමේ රැලි වැටීම  ඇරබේ .මෙයට හේතු රැසක් තිබේ .නමුත් අපි අපේ සමට නිසි ලෙස සත්කාර කිරීම මගින් සමේ රැලි යම්තාක් දුරට මග හරවා ගන්න පුළුවන් .මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ සදහා පිලියමක් ගැනයි .              අවශ්‍ය ද්‍රව්‍ය මි පැණි මේස හැදී 3ක්  මුදවපු මි කිරි මේස හැදී 1ක් අමු කහ  රෝස වතුර මේස හැදී 1ක් දෙහි ගෙඩියක යුෂ කඩල පිටි කෝප්ප 1/2ක්  ඉන් පසු මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගත යුතුය.ඉන් පසු මුහුණ ස්ටීම් කරගන්න .මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ ආලේප කර ගන්න .ඉන් පසු විනාඩි 30ක් පමණ තබා  සෝදා හරින්න .මුහුණ සේදීමට අයිස් වතුර යොදා ගන්න .මෙම සත්කාරය සතියට 3 වතාවක් සිදු කරගන්න.ඉවිට ඔබට වෙනස වටහා ගත හැකිය .

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්

Image
මම අද ඔයාලට  ඉතාමත් වටිනා මෙන්ම ප්‍රතිපලදායි  face පැක් එකක්  සාදාගන්නා ආකාරය ගැනයි .මෙය ඉතාමත්  පැරණි පොතකින් සොයා ගන්නා ලද face පැක් එකක් .මෙය සද ගන්නා ආකාරය අපි ඊළගට බලමු .           අවශ්‍ය ද්‍රව්‍ය  දෙහි ගෙඩි 1/2ක්  මීපැණි තේ හැදී 2ක් කුරුදු කුඩු තේ හැදී 4ක් සාදික්කා  කුඩු තේ හැදී 4ක්            සාදාගන්නා ආකාරය මුලින්ම මෙම සියලුම ද්‍රව්‍ය හොදන් මිශ්‍ර  කර ගන්න  ඉන් පසු මුහුණ ස්ටීම් කර ගන්න .ඉන් පසු මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ හොදින් ආලේපනය කර ගන්න .ඉන් පසු විනාඩි 30ක් පමණ තබා මුහුණ  සෝදා හරින්න .මුහුණ සේදීමට අයිස් වතුර බාවිතා කරන්න .මෙම සත්කාරය සතියකට 2 පාරක් කරන්න .පැහැදිලි වෙනසක් ඔයාට බලාගන්න පුළුවන් .

මුහුණේ තෙතමනය රැක දෙන ෆේෂ් වොෂ් එකක් සාදාගන්නා ආකාරය ගැනයි මෙන්න

Image
මුහුණේ වියලි බව අඩු කර තෙතමනය රැක දීමට හැකි ෆේෂ් වොෂ්  එකක් නිවසේදීම සාදාගන්නා ආකාරය ගැන මම අද අඔයලට කියලා දෙන්නම් .ඒ වගේම මෙය මගින් ඔයාලගේ මුහුණේ දීප්තිමත් බව වැඩි දියුනු කිරීමද සිදු කරයි .              අවශ්‍ය ද්‍රව්‍ය මි පැණි මේස හැදී1ක්  පිරිසුදු තුවායක් මද රස්නය අතු උණු වතුර බදුනක්  සාදාගන්නා ආකාරය සහ ආලේපනය කර ගන්නා ආකාරය  තුවාය ගෙන මද උණුසුම් උණු වතුරෙන් පොගවා ගන්න    ඉන් පසු තුවාය හොදින් මිරිකා ගන්න    එම තුවාය මගින් මුහුණ හොදින් මසාජ් කර ගන්න    මෙය විනාඩි 10ක් පමණ සිදු කරන්න  ඉන් පසු මුහුණේ මි පැණි ගා තබන්න  විනාඩි 10කට  පසු නැවත මුහුණ උණු වතුරෙන් සෝදා හරින්න  මෙම ප්‍රතිකාරය දිනපතාම සිදු කරන්න 

මෙන්න සතියකින් සුදු වෙන්න පුළුවන් වට්ටෝරුවක්

Image
එක සතියකින් සුදු වීම කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද එත් ඔයාලට මේ වට්ටෝරුව බාවිතය  මගින් එහි ඇත්ත බලාගන්න පුළුවන් .ඕනෑම කාන්තාවක් සැම දිනකම විවධ night cream හා day cream වර්ග බාවිතා කරනවා .ඒ අපේ සම සුදු කරගන්න ඕනේ නිසා .ඒ නිසා මම අද ඔයාලට නිවසේදීම සම සුදු කරගන්න අලෙපනයක් සකසා ගන්න ආකාරය කියල දෙන්නම් .                      අවශ්‍ය ද්‍රව්‍ය අයිස් වතුර කෝප්ප 2ක් දියර කිරිමේස හැදී 2ක්  සුදු හාල් හුන්ඩු 1/2ක්  මි පැණි මේස හැදී 2ක්                    සාදාගන්නා ආකාරය හාල් හොදීන් සෝදා ගන්න  එයට අයිස් වතුර දම බේරී වනතුරු තම්බා ගන්න  හාල් තැම්බුණු  පසු ඉතිරි වතුර බදුනක ඉවත් කර ගන්න  ඉන් පසු බත් හොදින් පොඩි කර එයට  උණු කර ගත් කිරි එක්කරන්න ඉන් පසු එයට මි පැණි එක්කරන්න ඉන් පසු මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ ආලේපනය කරන්න විනාඩි 40ක් පමණ තබන්න  .ඉන්පසු සෝදා හරින්න .ඉන් පසු ඉවත් කර...

ඔබේ මුහුණ අධික හිරු රැස් නිසා අව පැහැ ගැන්විලද මෙන්න එයට ප්‍රතිකාරයක්

Image
අධික හිරු රැස් නිසා සමේ පැහැය අව පැහැ  වීම   බහුලව දැක ගැනීමට හැකිය .මේ නිසා මුහුණට අවලස්සනක් ඇති කරයි .මෙහිදී  සමේ තැන් තැන් වල පිළිස්සුම් කැළැල් ද ඇති විය හැකිය .එම නිසා මම අද ඔයාලගේ අව්වට පිච්චුනු සමට නිවැරදි මෙන්ම ප්‍රතිපලදායි අලේපනයක්  ගැන කියල දෙන්න හිතුවා.මෙම  ආලේපනය මගින් ඔබේ අව්වට  අවපැහැ වුනු මුහුණ යලි  යථා තත්වයට  ගෙන එනවා වගේම ඔබේ සම ට නව ජිවයක්ද ලබා දීම සිදු කරයි.             අවශ්‍ය ද්‍රව්‍ය කොහොබ කොළ  කඩල පිටි මේස හැදී 2ක් සුදු හදුන් කුඩු මේස හැදී 2ක් මි කිරි මේස හැදී 2ක්  කෝමාරිකා යුෂ              සාදාගන්නා ආකාරය කොහොබ කොළ අබරා ගන්න  මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගන්න  ඉන් පසු මුහුණ ස්ටීම් කර ගන්න .ඉන්පසු  සාදාගත්  ආලේපනය මුහුණේ සහ ගෙලේ ගා ගන්න  .ඉන් පසු විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න .මෙම ප්‍රතිකාරය සතියට  දෙවතාවක් පමණ සිදු කරන්න .එවිට ඔබේ මුහුණේ වෙ...

දිදුලන රෝසවන් දෙතොලක් ලබාගැනීමට මෙන්න මගක්

Image
අද වන විට වෙළෙදපොලේ විවිධ තොල් ආලේපන වර්ග දැක ගැනීමට තිබේ .මෙම තොල් ආලේපන නිතරම බාවිතා  කිරීම නිසා අපේ තොල් වල තිබෙන  පැහැය ක්‍රමයෙන් අව පැහැයට හැරීම සිදු වේ .මේ ආලේපන වල විවිධ රසායනික සංයෝග නිසා මෙය සිදුවේ .අපේ තොල් මේ ආලේපන ගා අව පැහැය ට හැරුණු විට අපට මෙම කෘතීම ආලේපන සැමවිට බාවිතා කිරීමට සිදුවේ .එවිට එය අපේ තොල් වලට හානියක් මෙන්ම යම් කිසි වියදමක්ද  අපිට දැරීමට සිදුවේ.මම අද ඔයාලට එයට හොදම විසදුමක් කියලා දෙන්නම්.                        අවශ්‍ය ද්‍රව්‍ය දෙළුම් ඇට මේස හැදී 3ක්  ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැදී 2ක් සිහිනව කපාගත් බීට් රූට් මේස හැදී 1ක්                        සාදාගන්නා ආකාරය දෙළුම් ඇට බ්ලෙන්ඩර්  ගන්න  බීට්රූට් ද හොදින් බ්ලෙන්ඩර් කර ගන්න  මෙම දෙක හොදින් මිශ්‍ර කර ගන්න එයට ෆ්‍රෙෂ් ක්‍රීම්  ද එක් කරගන්න ම...

පළතුරැ යුෂ මගින් සම පැහැපත් කර ගන්න කැමතිද

Image
 පලතුරු  කියන්නේ  කොහොමත් සමේ පැහැය වැඩිකරන දෙයක්  කියල හැමෝම දන්නවනේ .මොකද පලතුරු වල අන්තර්ගත විවිධ  විටමින් වර්ග මෙයට හේතු කාරක වෙනවා .විවිධ  පලතුරු වර්ග වල විවිධ විටමින් වර්ග අන්තර්ගත වෙනවා .මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පලතුරු මගින් කොහොමද සමේ පැහැය වැඩි කරගන්නේ කියලා .                      අවශ්‍ය ද්‍රව්‍ය පැණි කොමඩු යුෂ  දොඩම් යුෂ                       සාදාගන්නා ආකාරය පැණි කොමඩු වල ඇට ඉවත් කර එය හොදින් බ්ලෙන්ඩර් කර ගන්න දොඩම්  වල පොතු ඉවත් කර එහි යුෂ මිරිකා ගන්න  මෙම දොඩම් හා පැණි කොමඩු යුෂ  වෙන වෙනම  ආලේපන 2ක් ලෙස බාවිතා කර ගත හැකිය. මෙම ආලේපන සතියට 3 වතාවක් බාවිතා කිරීමෙන් ඔබටද වෙනස වටහා ගත හැකිය .

මෙන්න රන්වන් පැහැති සමක් ලබාගැනීමට ආලේපනයක්

Image
රන්වන් පැහැති සමක් කියන්නේ ඉතාමත් අලංකාර සමක් .මම අද කියල දෙන්න යන්නේ අපට නිවසේදීම සමට හිතකරව  අපේ සමේ පැහැය රන්වන් පාට ට හරවගන්න ආකාරය පිළිබදයි .නමුත් වර්තමානය වන විට විවිධ නයිට් ක්‍රීම් වර්ග මගින්ද මෙය ඉතා පහසුවෙන් වෙන බව ඔබ දනී .නමුත් මෙම ක්‍රීම් වර්ග වල විවිධ රසායනික ද්‍රව්‍ය නිසා පසුකාලීනව අපේ සමේ විවිධ අසාධන තත්ව ඇති වීමට ද ඉඩ තිබේ.මේ ලිපිය කියවා මෙහි ඇති ආලේපන වර්ග ආලේපනය මගින් රන්වන් පැහැති සම තවතදුරටත් ඔබට සිහිනයක් නොවනු ඇත .               අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා පොතු  එළකිරි / දියර කිරි              සාදාගන්නා ආකාරය වට්ටක්කා පොතු සිහිනව කපා බ්ලෙන්ඩර් කර ගන්න  ඉන් පසු එයට එලකිරිද දමන්න  ඉන් පසු මෙම මිශ්‍රණය හොදින් මිශ්‍ර කරගන්න ඉන්  පසු මෙම ආලේපනය මුහුණේ හා ගෙලේ  ආලේපනය කරගන්න .ඉන්පසු විනාඩි 30 ක් පමණ ගා තබා සෝදා හරින්න .මෙම ප්‍රතිකාරය  සතියකට දෙවතාවක් පමණ සිදු කර වෙනස වටහාගන්න .

මෙන්න නිවසේදීම සකසා ගත හැකි මුහුණේ පැහැපත් බව වැඩි කර ගැනීමට ස්ක්‍රබ් එකක්

Image
අපේ මුහුණේ ඇති මැරුණු  සම ඉවත් කර පැහැපත් බවක් ලබා ගැනීමට  ස්ක්‍රබ් එකක් සදා ගන්නා ආකාරය මම අද ඔයාලට කියලා දෙන්නම් .ඔයා දන්නවා ඇති අද වෙළදපොලේ  ඇති ස්ක්‍රබ් ඉතාමත් මිල අධික යි.එත් අපිට මෙම  ස්ක්‍රබ් එක ගෙදරදීම පහසුවෙන් හා ඉතා සුළු වියදමෙන් අපිට සකස් කර ගන්න පුළුවන් .එය පිලියල කර ගන්නා ආකාරය මෙන්න .                            අවශ්‍ය ද්‍රව්‍ය හාල් හුන්ඩු 1/2ක් මි පැණි මේස හැදී 02ක්  තේ වතුර කෝප්ප 1/2ක්                          සාදාගන්නා ආකාරය හාල් තරමක් කැබලි සිටින සේ කොටා ගන්න  ඉන් පසු මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගන්න  ඉන් පසු  මුහුණ හොදින් ස්ටීම් කර ගන්න .ඉන් පසු විනාඩි 5ක් පමණ මෙම ආලේපනය මුහුණේ ගල්වා  තබන්න .ඉන් පසු ස්ක්‍රබ්කිරීම විනාඩි 15 ක් පමණ සිදු කරන්න...

මුහුණ පුර සමාන පැහැපත් බවක් ලබා ගැනීමට මෙන්න හොදම සත්කාරයක්

Image
ඔයා පොඩ්ඩක්  කන්නාඩිය ගාවට ගිහිල්ලා ඔයාගේ මුහුණ දිහා බලන්න .ඔයාගේ මුහුණේ හැම තැනම එක වගේ පැහැපත්ද? සමහරවිට ඔබේ මුහුණේ  සැම තැනම එකසමාන පැහැපත් නොවීමටද ඉඩ තිබේ .එහෙම කියලා ඔය දුක් වෙන්න ඕනේ නැ .මම  අද ඔයාලට කියලා දෙන්නම් එකට විසදුමක් .                                 අවශ්‍ය ද්‍රව්‍ය යෝගට් මේස හැදී 4ක්  බෙහෙත් නෙල්ලි ගෙඩි 4ක් දෙහි ගෙඩි 1/2ක්                                  සාදාගන්නා  ආකාරය නෙල්ලි ගෙඩි  බ්ලෙන්ඩර් කර ගන්න යෝගට් සහ නෙල්ලි යුෂ වලට දෙහි යුෂද එක්කර ගන්න ඉන්පසු  මුහුණ  හොදින් විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න .ඉන් පසු  මෙම ආලේපනය මුහුණේ ගල්වා ගන්න .ඉන්පසු විනාඩි 30ක් පමණ තබා  සෝදා හරින්න ....

සමේ පැහැය වැඩි කර ගැනීමට නොවරදින පිලියමක්

Image
අපි කවුරුත් ආසයි  අපේ මුහුණේ පැහැය වැඩි කර ගන්න . නමුත් අපි ඒ සදහා බාවිතා කරන  සමහර  කෘතීම ආලේපන මගින් අපේ මෙලනින් කණිකා වලට හානි  ඇති කරයි .මේ නිසා චර්ම පිලිකා වැනි දේ ඇති වීමද සිදුවේ.නමුත් අපිට  සමේ පැහැය වැඩි කර ගන්න පුළුවන් සමට හානි නැති  ආලේපනයක්  ගැන මම අද ඔයාලට කියලා දෙන්නම් .                                                අවශ්‍ය ද්‍රව්‍ය කොහොඹ  කොළ  අමු කහ කැබලි කිහිපයක්                           \                     සාදාගන්නා  ආකාරය මුලින්ම කොහොඹ  කොළ සහ අමු කහ ...

අලංකාර කෙස් කලඹකට විශ්මිත ප්‍රතිකාරයක්

Image
අතීතයේ ලලනාවන්ගේ කෙස් කලඔ ඉතාමත් අලංකාර බව අපිට විවිධ  කාව්‍ය සංග්‍රහ වලින් ද  දැනගන්නට පුළුවන් . නමුත් වර්තමානය වන වන විට ඒ වැනි කේශ කල්‍යාණයක්  පවා දැක ගැනීම දුලබය .වර්තමානයේ කාන්තාවක් ට කෙස් සම්බන්ධ ව ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස කෙස් සිහින් වී  කැඩී යාම දැක්විය හැකිය .මේ ප්‍රතිකර්මය බාවිතයෙන් පිරිපුන් කෙස් කලඔක හිමිකාරියක් වීමට  ඔබටද හැකිය .                       අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර ගෙඩියක් දෙහි ගෙඩියක් අලිගැට පේර ගෙඩි 1ක් යෝගට් මේස හැදී 3ක්                              සාදාගන්නා ආකාරය මුලින්ම අලිගැට පේර ගෙඩිය ගෙන එහි මදය සුරා  ගන්න  ඉන් පසු බිත්තර ගෙඩිය කඩා ගෙන බදුනකට දමා ගන්න  එයට දෙහි යුෂ මිශ්‍ර කර ගන්න  ඉන්පසු බිත්තර සහ දෙහි මිශ්‍රණයට යෝගට් දමා හොදින් මිශ්‍ර කර ගන්න  ඉන් පසු මෙය...

මෙන්න වියලි සමට ප්‍රතිකාරයක්

Image
විවිධ අයගේ සම විවිධ  ආකාරය .නමුත් වියලි සම ඇතැම් විට ඔබේ මුහුණේ  ලස්සන ඉස්මතු කිරීමට බාධාවක් වෙන්නත් පුළුවන් .මම අද ඔයාලට කියලා  දෙන්නම්  මුහුණේ පවතින වියලි ගතිය ඉවත් කර ගන්න  හොදම පිලියමක්.                අවශ්‍ය ද්‍රව්‍ය අලිගැට පේර  ගෙඩි  1/2ක් බිත්තර සුදු මදය මේස හැදී 2ක්  දෙහි යුෂ                  සාදාගන්නා ආකාරය අලිගැට පේර ගෙඩිය ගෙන එහි මදය  සුරා ගන්න . ඉන්පසු සියල්ලම හොදින් මිශ්‍ර කර ගන්න . ඉන්පසු මෙම ආලේපනය හොදින් මුහුණ පුරා  තවරා ගන්න .විනාඩි 30ක්  පමණ තබන්න.ඉන්පසු පිරිසුදු වතුරෙන් සෝදා හරින්න .

ඉක්මනින්ම සුදු වෙන්න ආසද

Image
පැහැපත් මුහුණක් කියන්නේ සියලුම කාන්තාවන්ගේ හීනයක් .ඒ නිසා විවිධ  ආලේපන අපි දිනපතා බාවිතා කරනවා .මින් බොහොමයක් ආලේපන වල විවිධ සමට අහිතකර රසායන ද්‍රව්‍ය අන්තර්ගත වේ .එම නිසා සමේ  විවිධ අහිතකර තත්ව ද ඇති වේ .කෘතීම ආලේපන වලට වඩා ප්‍රතිපලදායි හිතකර අලේපනයක් ගැන මම අද ඔයාලට කියල දෙන්නම් .                       අවශ්‍ය ද්‍රව්‍ය දෙහි ගෙඩි 1/2 ක්  දොඩම් ගෙඩියක්  මි පැණි තේ හැන්දක් හාල් පිටි මේස හැදී 1ක් මුදවපු කිරි  හැදී  1/2ක්  කොන් ෆ්ලවර් පිටි මේස හැදී 1/2ක්  මිංචි කොළ 50ක්                        සාදාගන්නා ආකාරය හාල් පිටි තරමක් ඇට සිටින සේ කොට ගන්න . හාල් පිටි සහ මුදවපු  කිරි මිශ්‍ර කර ස්ක්‍රබ් එකක්  සකසා ගන්න . දැන් මෙය බාවිතා කර මුහුණ විනාඩි 15ක් පමණ  ස්ක්‍රබ් කර ගන්න . දෙහි යුෂ ,දොඩම් යුෂ ,මිංචි කොළ යු...

මාසෙට අගල් දෙකක් කොන්ඩේ දික් කර ගන්න ඕනේ ද

Image
කාන්තාවකගේ සුන්දරත්වයට ඉතාම වැදගත් දෙයක් ලෙස  ලෙස කේශ කල්‍යාණය දැක්විය හැකිය .වර්තමානය වන විට කාන්තාවන්ගේ අධික කාර්යබහුල දිවි පෙවත නිසා ඔවුන්ට තම කොණ්ඩය ගැන අවදානය ගිලිහි තියෙනවා .එම නිසා දිනෙන් දින කෙස් වැටීම සිදුවේ.මෙයට හේතුව නම්  කෙස්  වලට ලැබිය යුතු නිසි පෝෂණය සහ සත්කාර නොලැබීමයි .මම අද එය සුදුසුම විසදුම ඔයාලට කියල දෙන්නම්.                          අවශ්‍ය  ද්‍රව්‍ය ඔලිව් තෙල්                            එඩරු  තෙල් සුදු පොල්තෙල්                                          සාදාගන්න ආකාරය මුලින්ම 1.1.1 අනුපාත...

ඔබේ මුහුණේ කුරුලෑ ද මෙන්න එකට හොදම සහ ඔයාට කරන්න වෙන අන්තිම ප්‍රතිකාරය

Image
කුරුලෑ කියන්නේ අපේ මුහුණට ඇතිවන ප්‍රධානම ගැටලුවක් .මේ නිසා අපේ මුහුණු වල කැළැල්  ඇති වෙනවා . මේ කුරුලෑ ඇති වීමට හේතු කිහිපයක් ලෙස අප අවට පරිසරෙයේ ඇති දුවිලි වැනි ද අපේ මුහුණේ ඇති රෝම කූප වල තැන්පත්වීම ද ,  සමහර අයගේ සමේ පවතින අධික තෙල් ගතියද දැක්විය හැකිය . මම අද ඔයාලට කියල දෙන්නේ  මෙයට ඉතාම සුදුසු පිලියමක් ගැනයි .                        අවශ්‍ය ද්‍රව්‍ය  කෝමාරිකා  කැබැල්ලක්    දෙහි  යුෂ  ස්වල්පයක්         සාදාගන්නා අකාරය              මුලින්ම කෝමාරිකා මදය හැන්දක්  ගෙන සූරා ගන්න . මෙහිදී    කෝමාරිකා  පොත්තේ ඇති කොළ පැහැ සිවිය සිරිඑමෙන් ඔබේ මුහුණේ  කැසීමක් ඇතිවීමට හැකිය .    එම නිසා මදය සුර ගැනීමේදී එම සිවිය එයට එක් නොවන ලෙස වග බලා ගත යුතුය . ඉන් පසු සුර ගත් කෝමාරිකා වලට දෙහි යුෂ එක් කර ගන්න. ඉන් පසු එය හොදින් මි...